නාසා හි මූලික අවධියේ ගණිතඥවරියක් මිය යයි

පෙබ 25, 2020
    නාසා ආයතනේ හිටපු ගණිතඥවරියක්වන කැතරින් ජොන්සන් මියගොස් ඇත. ඇය මිය යන විට 101වැනි වියෙහි පසුවිය.
    නාසා ආයතනයේ ආරම්භක අවධියේ අභ්‍යවකාශ ගමන්වලදී ප්‍රක්ෂේපණ ගමන් සැලසුම් කිරීම ඇය විසින් සිදු කර තිබේ. ඊට අමතරව අභ්‍යාවකාශ ගමන්වලදී පෘථිවි කක්ෂය හා සම්බන්ධ කිරිම් ද සිදු කර ඇත්තේ ඇය විසිනි. මේවන විට පරිගණක ආධාරයෙන් ගණනය කිරීම් සියල්ල සිදු කලත්, නාසා ආයතනයේ ආරම්භක අවධියේ ඒ සියල්ල සිදු කරනු ලැබේ ගණිතඥයින් සහ විද්‍යාඥයින් විසිනි. 
     
    කැතරින් ජොන්සන් මිනිසා මුලින්ම සඳට පා තැබූ ‘ඇපලෝ - 11‘ චාරිකාවේ ප්‍රක්ෂේපණ ගණනය කිරීම් සිදු කිරීමටද සහාය විය. නාසා ආයතනය ඇයගේ අභාවය පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් සදහන් කර සිටියේ ආයතනයේ මූලික අවධියේ සිටි පුරෝගාමියෙකුගේ නික්ම යාමක් ලෙසිනි. 
    Last modified on අඟහරුවාදා, 25 පෙබරවාරි 2020 11:05

    Latest News