ආර්ථික බලපෑම් අඩු කිරීමට අමෙරිකාවෙන් හදිසි පොලී අනුපාත කප්පාදුවක්

මාර් 04, 2020

    නව කොරොනා වසංගතයෙන් ආර්ථිකයට එල්ලවී ඇති බලපෑම් අඩු කිරීම සඳහා අමෙරිකානු ෆෙඩරල් සංචිතය ඊයේ (3) සියයට 50ක හදිසි පොලී අනුපාත කප්පාදුවක් ප්‍රකාශයට පත් කළේය.

    එම අනුපාතය 1% -1.25% අතර වේ. 2008 ආර්ථික අර්බුදයෙන් පසු අමෙරිකානු ෆෙඩරල් සංචිතය සිදුකළ විශාලතම හදිසි පොලී අනුපාත කප්පාදුව මෙයයි.

    කෙසේ වෙතත්, මෙම පියවර තුළින් නව කොරොනා වසංගතය පැතිරීම හේතුවෙන් හටගත් ආර්ථික වර්ධනය මන්දගාමී වීමේ තත්වය සමනය කර නොමැත.

    ඊයේ අමෙරිකාවේ කොටස් වෙළඳපොලේ දැඩි උච්චාවචනයන් සිදුවිය.

    එහි ඩව් ජෝන්ස් කාර්මික සාමාන්‍ය දර්ශකය (Dow Jones Industrial Average) ඊයේ දිනයේ ඒකක 788 කින් පහත වැටිණ.

    Latest News