'කොවිඩ් 19' වැළැක්වීමට ලෝක බැංකු ආධාර

මාර් 04, 2020

    කොවිඩ් 19 වෛරසය පැතිර යාම වැළැක්වීම සඳහා සංවර්ධනය වෙමින් පවතින රටවලට ආධාර ලබාදීමට ලෝක බැංකුව සූදානම් වෙයි.

    ඒ අනූව, ලබා දෙන ඩොලර් බිලියන 12ක ආධාර පැකේජය තුළ අඩු වියදම් ණය හා තාක්ෂණික සහය ද ඇතුළත්. ආධාර ලබා දීමේ දී වෛරසය හේතුවෙන් අවදානම ඉහළ ගොස් ඇති හා වඩා දරිද්‍රතාවයෙන් යුත් රටවල් සඳහා ප්‍රමුඛතාවයක් හිමිවනු ඇති.

    මේ වන විට ලොව පුරා රටවල් 70කට අධික සංඛ්‍යාවක රෝගය පැතිර පවතියි. රෝගය පැතිරයාම වැළැක්වීමටත්, ආර්ථික වශයෙන් රටවල් දුර්වල වීම නිසා නිෂ්පාදන වේගය අඩුවීම වැළැක්වීමටත් ලොව පුරා නාකයන්ගේ එකඟත්වයෙන්, මෙම පියවර ගත් බවයි ලෝක බැංකුව පවසන්නේ.

    Last modified on බදාදා, 04 මාර්තු 2020 09:53

    Latest News