ඇෆ්ගනිස්තානයේ මාතෘ වාට්ටුවකට එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්‌ 12ක් ජීවිතක්ෂයට

මැයි 13, 2020

    ඇෆ්ගනිස්තානයේ මාතෘ වාට්ටුවකට ත්‍රස්වාදීන් එල්ල කළ වෙඩි ප්‍රහාරයකින්‌ පූද්ගලයන්‌ 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්‌ව තිබේ.

    ඊයේ‌ එල්ල වූ මෙම ප්‍රහාරයෙන්‌ අලුත උපන්‌ බිළිඳුන්‌ දෙදෙනෙකුගේ ද ජීවින අහිමිවීම සම්බන්ධයෙන්‌ අමෙරිකානු රාජ්‍ය ලේකම් තම අප්‍රසාදය ප්‍රකාශ කර සිටියේය.

    හෙදියන්‌ හා මවුවරුන්‌ ඉලක්ක කරගනිමින්‌ ඇෆ්ගනිස්තානයේ කාබුල්‌ අගනුවර මාතෘ වාට්ටුවකට මෙම ප්‍රහාරය එල්ල වී තිබේ. මෙම ප්‍රහාරය සිදු කර තිබෙන්නේ, පොලිස්‌ නිලධාරීන්‌ ලෙස නිල ඇඳුමින්‌ සැරසී සිටි පුද්ගලයින්‌ පිරිසක්‌ විසිනි. මෙම සිදුවීමට පෙර එදිනම අවමංගල්‍ය උත්සවයකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයක්‌ හේතුවෙන්‌ ද පුද්ගලයන්‌ 26 දෙනෙකු මිය ගොස් තිබේ.

    නමුත්‌ මෙම බෝම්බ ප්‍රහාරය සම්බන්ධ වගකීම තලෙයිබාන්‌ සංවිධානය විසින්‌ බාරගෙන ඇතත්‌ රෝහලට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධව වගකීම කිසිවෙක්‌ බාරගෙන නැති බවයි වාර්තා වන්නේ.

    Latest News