ඉසායස් සුළි කුණාටුව ෆ්ලොරීඩාවට

අගෝ 02, 2020

    ඇමෙරිකාවේ බහමාස් කලාපයට බලපෑ ඉසායස් සුළි කුණාටුව ෆ්ලොරීඩාව වෙත ගමන් කරමින් තිබෙනවා.

    බහාමාස් ප්‍රදේශයේදී ඉසායාස් කුණාටුව තරමක් දුර්වල වූ නමුත් එය නැගෙනහිර ෆ්ලොරීඩාවට ළඟාවන විට යළිත් සුළි කුණාටුවක් බවට පත්වනු ඇති බවයි ෆ්ලොරීඩා කාලගුණික අංශ දැනුම් දී තිබෙන්නේ.

    බහාමාස් ඇන්ඩ්‍රොස් දූපතෙන් පැයට කිලෝමීටර් 110 ක වේගයෙන් හමාගිය සුළඟ ෆ්ලොරිඩාවේ අත්ලාන්තික් වෙරළ තීරයේ ප්‍රදේශවලට දරුණු බලපෑම් ඇතිකරනු ඇති බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

    එම ප්‍රදේශවල පිරිස් මේ වන විටත් ආරක්ෂිත ස්ථාන කරා යැවීමට බලධාරීන් කටයුතු කර තිබෙනවා.

    Latest News