ෆේස්බුක් සමාගම සමඟ යළි සාකච්ජා කරනවා; අගමැති මොරිසන්

පෙබ 20, 2021

    ඔස්ට්‍රේලියානු රජය ෆේස්බුක් ආයතනය වෙත පැනවූ නව නීති හේතුවෙන් එම සමාගම මීට පෙර එරට ප්‍රවෘත්ති අන්තර්ගතයන් පමණක් ලබාදීම නතර කර තිබේ.

    එමගින් සිදුවන අපහසුතා සැලකිල්ලට ගෙන ඒ සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම සමඟ අද යළි සාකච්ජා කරන බව අගමැති ස්කොට් මොරිසන් පවසයි. ඔස්ට්‍රේලියාව සම්බන්ධ ප්‍රවෘත්ති අන්තර්ගතයන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කිරීමේදී ඒ සඳහා දේශීය මාධ්‍ය ආයතන වෙත ගෙවීමක් ලැබිය යුතු බව එරට රජයේ මතය වී තිබේ.

    මෙම ගෙවීම් සම්බන්ධයෙන් ලොව තාක්‍ෂණික දැවැන්තයන් සමඟ මීට පෙර සාකච්ජා කිහිපයක් පවත්වනු ලැබීය. එහිදී ගූගල් සමාගම හා ෆේස්බුක් සමාගම මෙම නව පනත් සඳහා සිය විරෝධය පළ කර සිටියේය. නව පනත් සඳහා පිළිතුරු වශයෙන්ෆේස්බුක් සමාගම ඔස්ට්‍රේලියාව තුළ පමණක් ප්‍රවෘත්ති අන්තර්ගතයන් එළි දැක්වීම නවතා දැමීමට ක්‍රියා කළේය.

    එහිදී ඔස්ට්‍රේලියානු ෆේස්බුක් පරිශීලකයන්ට නව ප්‍රවෘත්ති අන්තර්ගතයන් සමාජගත කිරීමට මෙන්ම ගෝලීය ප්‍රවෘත්ති අන්තර්ගතයන් ලබා ගැනීම ද සමාගම විසින් අවහිර කර තිබිණ. මේ හේතු නිසා ප්‍රධාන ප්‍රවෘත්ති වෙබ් පිටු ඇතුළු රාජ්‍ය වෙබ් අඩවි සතු ෆේස්බුක් ගිණුම් කිහිපයක් මකා දැමීමට ෆේස්බුක් සමාගම කටයුතු කර තිබේ.

    එම නිසා ඔස්ට්‍රේලියානු රජය නැවතත් සමාගම මිත්‍ර කරගැනීම සඳහා අවශ්‍ය සාකච්ජා පවත්වන බව අගමැති ස්කොට් මොරිසන් මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකාශ කර තිබේ.

    Latest News