ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් අමෙරිකාවෙන්

පෙබ 21, 2021

    ඉකුත් පැය 24 තුළ ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වූයේ අමෙරිකාවෙන්.

    69,000ක පිරිසක් ඊට අයත්. එම කාලසීමාවේ එරට කොරෝනා මරණ 1907ක් සිදුව තිබේ. ඊයේ ලොව දෙවනුවට වැඩිම ආසාදිතයන් පිරිස බ්‍රසීලයෙන් වාර්තා වූ අතර, 57,000කට අධික පිරිසක් ඒ අතරවේ. කොරෝනා මරණ 1051ක් ද වාර්තා විය. ලොව තෙවනුවට වැඩිම ආසාදිතයන් හඳුනා ගැනුණේ ප්‍රංශයෙන්. එහි වැඩිම මරණ සංඛ්‍යාව වාර්තා වන්නේ මෙක්සිකෝවෙන්.

    ඉතාලිය, ඉන්දියාව, රුසියාව, චෙක් ජනරජය සහ බ්‍රිතාන්‍යය යන රටවලින් ඊයේ ආසාදිතයන් පහළොස් දහසත්-දස දහසත් අතර පිරිසක් වාර්තා විය.

    අමෙරිකාව, බ්‍රසීලය සහ මෙක්සිකෝව හැරුණු විට මරණ 480ක් රුසියාවේ හා තවත් මරණ 445ක් සිදුව ඇත්තේ බ්‍රිතාන්‍යයේ. අනෙක් සියලු රටවලින් වාර්තා වූයේ දෛනික මරණ 250කට අඩු සංඛ්‍යාවකි.

    Latest News