ඉන්දියාවේ සෞඛ්‍ය සේවයත් කඩා වැටෙන ලකුණු

මැයි 03, 2021

    කොරෝනා අවදානම හේතුවෙන් ඉන්දියාවේ සෞඛ්‍ය සේවය කඩා වැටීමට ආසන්න බව විදෙස් මාධ්‍ය  වාර්තා සදහන් කරයි. පසුගිය පැය 24 තුළ එරටින් වාර්තා වූ නව කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 4කට ආසන්නයි.

    එම කාලය තුළ ඉන්දියාවෙන් වාර්තා වූ කොරෝනා මරණ සංඛ්‍යාව 3,689ක්. එරට දෛනික ආසාදිතයින්ගේ සංඛ්‍යාව ඊයේ වන විට අඛණ්ඩව දස වැනි දිනටත් ලක්ෂ 3 ඉක්මවා ගියේය.

    මේ වන විට ඉන්දියාවේ සමස්ත කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව කෝටි දෙකකට ආසන්න වී ඇති අතර, සම්පූර්ණ මරණ සංඛ්‍යාව දෙලක්ෂ 18,000 කට අධිකයි. මේ හේතුවෙන් එරට ප්‍රාන්ත රැසක්ම වසා දැමීමේ නියෝග නිකුත් කර තිබේ. නවදිල්ලි නුවරට ආසන්න හර්යානා ප්‍රාන්තය කොරෝනා ආසාදනය හේතුවෙන් මේ වන විට දැඩි බලපෑමට ලක්ව ඇති ප්‍රාන්තවලින් එකක්.

    ඉන්දියාවේ දිල්ලි අගනුවරත් මේ වන විට ලබන 10 වැනිදා දක්වා වසා දැමීමේ කාලය දීර්ඝ කර තිබේ.

    එරට අග්‍රාමාත්‍ය කාර්යාලය පවසන්නේ, නව ඔක්සිජන් ලබාදීමේ පහසුකම් සහිත ඇදන් දස දහසක් සහිත ප්‍රතිකාර මධ්‍යස්ථානයක් සහ ඔක්සිජන් නිෂ්පාදනාගාර 1,500ක් ඉදිකිරීමට කටයුතු කර ඇති බවයි.

    ඉන්දියාවේ ඔක්සිජන් හිඟය මේ වන විට ඉතා බරපතල වී ඇති බවයි, විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

    Last modified on සදුදා, 03 මැයි 2021 11:05

    Latest News