තලෙබාන් සංවිධානය ප්‍රථම ප්‍රවෘත්ති සාකච්ජාව පවත්වයි

අගෝ 18, 2021

    ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කර ගැනීමෙන් අනතුරුව තලෙබාන් සංවිධානය සිය පළමු නිල ප්‍රවෘත්ති සාකච්ජාව පවත්වා තිබේ.

    කාබුල් නුවරදී පැවැත්වූ මෙම මාධ්‍ය හමුවේදී එම සංවිධානයේ නියෝජිිිිිිිිිිිිිිතයන් සඳහන් කළේ,ඇෆ්ගනිස්ථානයේ යුද්ධය අවසන් කරන අතර සියලුදෙනාට අභයදානය ලබා දෙන බවයි.
    කලාපීය සහ ලොව අනෙකුත් රටවල් සමග සාමකාමී සබඳතාවක් පවත්වා ගැනීම තම සංවිධානයේ අරමුණ බවයි තලෙබාන් ප්‍රධාන මාධ්‍ය ප්‍රකාශක සබීහුල්ලා මුජාහිඩ් ප්‍රකාශ කළේ.

    මාධ්‍ය හමුවේ දී ප්‍රථම වරට මොහු සිය අනන්‍යතාවය හෙළි කරමින් ප්‍රසිද්ධියේ පෙනී සිටීම විදෙස් මාධ්‍යවල දැඩි අවදානයට පාත්‍රා විය. ඒ මින් පෙර විවිධ හඩ පට ආදිය නිකුත් කිරීමේ දී ඔහු සිය ඡායාව පමණක් පෙනෙන සේ මාධ්‍යයට නිරාවරණය වීම නිසයි.

    මෙම ඓතිහාසික ප්‍රවෘත්ති සාකච්ජාවේ දී මාධ්‍යවේදීන්ගේ ගැටලු රැසකට පිළිතුරු ලබාදීමට මුජහිඩ් පසුබට නොවීය.

    ඉස්ලාමීය රාමුව තුළ කාන්තාවන්ගේ අයිතිවාසිකම්වලට ගරු කිරීමටත්,මාධ්‍ය නිදහස සුරක්ෂිත කිරීමටත්,කාන්තාවන්ට විශ්වවිද්‍යාලයීය අධ්‍යාපනය දක්වා ගමන් කිරීමට ඉඩප්‍රස්ථාව සැලසීමටත්,තම සංවිධානය ක්‍රියා කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

    Last modified on බදාදා, 18 අගෝස්තු 2021 15:11

    Latest News