ඉන්දුනීසියාවේ බන්ධනාගාරයක ගින්නකින් 41ක් මරුට

සැප් 08, 2021

    ඉන්දුනීසියාවේ, ජකර්තා අගනුවර ආසන්න බන්ධනාගාරයක ඇති වූ ගින්නකින් 41 දෙනෙකු මියගොස් තිබේ. ගින්න අද අලුයම හට ගෙන ඇති බවයි, වාර්තා වන්නේ.

    රැඳවියන් 122 දෙදෙනෙකු රඳවා සිටි ගොඩනැගිල්ලේ ගින්න හටගෙන තිබේ. බරපතල පිළිස්සුම් තුවාල ලැබූ තවත් පිරිසක් රෝහල් ගත කිරීමටයි, ක්‍රියාකර ඇත්තේ.

    විදුලි කාන්දුවක් නිසා ගින්න හට ගෙන ඇති බවට මූලික විමර්ශනවල දී අනාවරණය වූ බව එරට බලධාරීන් පවසයි. 

    පුද්ගලයන් 600කට පමණ ඉඩ පහසුකම් ඇති මෙම බන්ධනාගාරයේ 2,000ක පමණ පිරිසක් රඳවා සිටින බවයි වාර්තා වන්නේ.

    Last modified on බදාදා, 08 සැප්තැම්බර් 2021 11:36

    Latest News