ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සියලු ප්‍රධාන ආගමික උත්සව සීමාකරයි...

සැප් 08, 2021

    මේ සතියේ ඉන්දියාවේ පැවැත්වීමට නියමිත සියලු ප්‍රධාන ආගමික උත්සව සීමා කිරීමට එරට පියවර ගෙන තිබේ.

    ඒ ප්‍රාන්ත කිහිපයකින් වාර්තා වී ඇති කොරෝනා ආසාදිත සංඛ්‍යාවේ ඉහළයාම හේතුවෙන්.  එළඹෙන ආගමික උත්සව කාලසීමාවන් වලදී ජනතා එක්රැස්වීම් පාලනය කිරීමට ඉන්දියානු ප්‍රාන්ත ආණ්ඩු කිහිපයක් මෙවැනි සීමා හඳුන්වාදී ඇත.

    එරට පැතිර ගිය දෙවැනි කොරෝනා රැල්ල හේතුවෙන් සෞඛ්‍ය පද්ධතිය අකර්මන්‍ය වූ අතර,  200,000 වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්වුණා. "කුම්භමේලා" උත්සවය සැමරීම කොරෝනා රැල්ලේ ශීඝ්‍ර ව්‍යාප්තියට හේතුවයි. මේ අතර කේරළ ප්‍රාන්තයෙන් ද වැඩි ආසාදිතයින් සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

    ඒ, පසුගිය අගෝස්තුවේ පැවති "ඕනම්" ආගමික උත්සවයට ජනතාව සහභාගීවීම හේතුවෙන්. ආගමික උත්සව සැමරීමට නව නීති හඳුන්වා දීමේ අරමුණින් ප්‍රාන්ත ආණ්ඩු පියවර රැසක් ගෙන තිබෙනවා. එහෙත් විශාල ජනතාවක් එම නීති පිළි නොපදින බවයි, විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

    Latest News