ඇෆ්ගන් රජය චීනය සමඟ සබඳතා පැවැත්වීමට සූදානමින්....

සැප් 09, 2021

    චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට සූදානම් බව නව ඇෆ්ගනිස්තාන රජය නිවේදනය කර තිබේ.

    ඊට යහපත් ප්‍රතිචාර දක්වමින් චීනය පවසා ඇත්තේ, රජයක් පිහිටුවීමට තලේබාන් සංවිධානය ගත් තීන්දුව වඩාත් සාධනීය බවයි. කලාපීය වශයෙන් මෙන්ම ලොව සෙසු රටවල් සමඟ යහපත් සබඳතා පවත්වා ගැනීමට තම රජය උත්සාහ කරන බව තලේබාන් සංවිධානය අවධාරණය කරයි.

    එහිදී චීනය සමඟ සමීප සබඳතා පවත්වා ගැනීමට ද අපේක්‍ෂිතයි. ඇෆ්ගනිස්තානය තුළ ස්ථායි සහ ආරක්‍ෂිත ව්‍යාපාරික අවස්ථා උදාකිරීම ද සිට අරමුණ බව තලේබාන් සංවිධානය පවසයි. ඔවුන් ඇෆ්ගනිස්තාන රජයේ හිටපු ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ නැවතත් රාජකාරියට වාර්තා කරන ලෙසයි.

    Latest News