ඕස්ට්‍රේලියාවේ අවුරුදු 12ත්, 15ත් අතර ළමුන්ට එන්නත....

සැප් 13, 2021

    කොවිඩ්-19 වෛරස ව්‍යාප්තියත් සමඟ එන්නත්කරණය වේගවත් කිරීමට ඕස්ට්‍රේලියානු රජය තීරණය කර තිබේ.

    ඒ සඳහා විශේෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මකයි. මෙහිදී, වයස අවුරුදු 12ත්, 15ත් අතර ළමුන් සඳහා ද එන්නත් ලබාදෙන බව එරට බලධාරීන් ප්‍රකාශ කළේය.

    ලබන මස මැද භාගය වනවිට ඕස්ට්‍රේලියාවේ සමස්ත ජනගහනයෙන් 70%කට පූර්ණ එන්නත් ලබාදීමට නියමිතයි. එන්නත්කරණය සාර්ථක වුවහොත් දැනට ක්‍රියාත්මක වසා දැමීමේ සීමා ඉවත් කිරීමට හැකිවනු ඇත.

    මේ වනවිට එරට වැඩිහිටි ජනගහනයෙන් 46%කට පූර්ණ එන්නත් ලබාදී තිබේ. /.නූ පැය 24 තුළ එරටින් හඳුනාගත් නව ආසාදිතයන් සංඛ්‍යාව 1,655ක්. එම කාලය තුළ එරටින් කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 7ක් වාර්තාවේ.

    Latest News