"ඔමික්‍රෝන්" යළි ආසාදනයවීමේ ඉහළ අවදානමක්...

දෙසැ 09, 2021

    ඔමික්‍රෝන් කොවිඩ් නව ප්‍රභේදය, යළි ආසාදනය වී‍මේ ඉහළ අවදානමක් පැවතිය ද එම ප්‍රභේදය ඩෙල්ටා ප්‍රභේදය තරම් දරුණු නොවන බවට නවතම පර්යේෂණවලින් හෙලි වී ඇතැයි, ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී, ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේෂස් පවසනවා.

    එහෙත් ස්ථිර නිගමනවලට එළඹීමට පෙර, නව ප්‍රභේදයේ ක්‍රියාකාරීත්වය පිළිබඳව තවදුරටත් දත්ත වාර්තා අවශ්‍ය වන බවයි, ඔහු අවධානරණය කරන්නේ.  ඔමික්‍රෝන් නව ප්‍රභේදය පැතිරීම පිලිබඳ නිරීක්ෂණ තවදුරටත් ඉහළ නංවන ලෙසට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී, ටෙඩ්‍රෝස් ඇඩනම් ගෙබ්‍රියේෂස් ලොව සියලු රටවලින් ඉල්ලා සිටිනවා.

    නව ප්‍රභේදය පහසුවෙන් යළි ආසාදනය වියහැකි වුවද කෙරෝනා මර්දන එන්නත් ලබාගත් පුද්ගලයන්ට ආසාදනය වූ පසු එමගින් දරුණු රෝගාබාධ වර්ධනය වීමේ ප්‍රවණතාව අඩු බවයි, ඔහු සඳහන් කරන්නේ. මේ අතර නව ප්‍රභේදයේ ව්‍යාප්තියක් දක්නට ලැබෙන රටවල, රෝගීන් වාර්තා වීමේ ශීඝ්‍රතාව සහ කොරෝනා වෛරසය හේතුවෙන් මෙතෙක් මියගිය පුද්ගලයන් සම්බන්ධ දත්ත වාර්තා වලින් හෙලි වී ඇත්තේ, ඩෙල්ටා ප්‍රභේදය තවමත් අවදානම වැඩිම කොරෝනා වෛරස ප්‍රභේදය වන බවයි.

    Latest News