චීන අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ ප්‍රථම අභ්‍යවකාශ විද්‍යා පාඩම් ඉගැන්වීම සාර්ථකයි

දෙසැ 10, 2021

    ගගනගාමීහු තිදෙනෙක් චීන අභ්‍යාවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් සිසුන්ට අභ්‍යවකාශ විද්‍යා පාඩමක් උගන්වති.

    Zhai Zhigang  හා Ye Guangfu යන ගගනගාමීන් දෙදෙනා සහ Wang Yaping නමැති ගගනගාමිනිය දෙසැම්බර්  9 වැනිදා මෙම අපූරු අභ්‍යවකාශ විද්‍යා පාඩම ඉගැන්වීමට එක්වූ ගුරුවරුන් තිදෙනායි. 

    ගගනගාමීන් තිදෙනා  අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ කාර්යයන් සහ දර්ශන ආකර්ෂණීය ලෙස හඳුන්වා දුන්හ. ඔවුහු  වීඩියෝ ඇමතුම් මගින් පෘථිවියේ පන්තිකාමරවල ගුරුවරුන් හා සිසුන් සමඟ සජීව ලෙසින් අදහස් හුවමාරු කර ගත්හ.

    ක්ෂුද්‍ර ගුරුත්වාකර්ෂණ පරිසරයක් තුළ සෛල විද්‍යා අත්හදා බැලීම්, වස්තු චලිතය සහ දියර මතුපිට ආතතිය වැනි සංසිද්ධි ඔවුහු එහිදී පැහැදිලි කළහ. අභ්‍යවකාශ පාඩමේ සම්පූර්ණ  ක්‍රියාකාරකම සජීවීව විකාශය කෙරිණ.

    Zhai Zhigang, Wang Yaping සහ Ye Guangfu යන චීන ගගනගාමීන් තිදෙනා රැගත් ෂෙන්චෞ 13 අභ්‍යාවකාශ යානය සාර්ථකව ගුවන්ගත කෙරුණේ, ඉකුත් ඔක්තෝබර් 16වැනිදා යි. සැලැස්මට අනුව ඔවුන් අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ මාස 6ක් රැඳී සිටීමට නියමිතය.

     

    අරෝෂා සමරදිවාකර (රූපවාහිනී වාර්තාකරු)

    චීනයේ බෙයිජිං නුවර සිට 

    Latest News