මෙක්සිකෝවේ “චියාපාස්“ ප්‍රාන්තයේ දී ට්‍රක් රථයක් පෙරළීමෙන් 53ක් මරුට....

දෙසැ 10, 2021

    මෙක්සිකෝවේ “චියාපාස්“ ප්‍රාන්තයේ දී ට්‍රක් රථයක් පෙරළීමෙන් එහි සිටි 53 දෙනෙකු මියගොස් තිබෙනවා.

    අමෙරිකාවට නීති විරෝධි ලෙස ඇතුළුවීම සඳහා ගිය අනවසර සංක්‍රමණිකයන් පිරිසක් රැගත් ට්‍රක් රථයක් මෙලෙස අනතුරට ලක්ව ඇති බවයි වාර්තා වන්නේ. අනතුරෙන් තවත් 40 දෙනෙකු තුවාල ලබා තියෙනවා. විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ, ඉන් කිහිප දෙනෙකුගේ තත්වය ද බරපතල බවයි. ගෝතමාලා රාජ්‍යය දේශසීමා කරගත් මෙක්සිකෝවේ “චියාපාස්“ ප්‍රාන්තය අමෙරිකාවට නීති විරෝධි සංක්‍රමණිකයන් ඇතුළුවන ප්‍රධාන කපොල්ලක් ලෙසයි, සැලකෙන්නේ.

    මෙම සිද්ධියෙන් පසු තවත් පිරිසක් අනතුර වූ ස්ථානයෙන් පලා ගොසින්. ට්‍රක් රථයෙන් සංක්‍රමණිකයන් 150කට ආසන්න සංඛ්‍යාවක් පැමිණෙන්නට ඇති බව, ආරක්‍ෂක අංශ පවසනවා. අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් ක්‍රියාත්මකයි.

    Latest News