බ්‍රිතාන්‍යයේ නත්තල් උත්සව අවලංගු කෙරේ.....

දෙසැ 21, 2021

    බ්‍රිතාන්‍යයෙන් දෛනිකව වාර්තා වන කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව, ලක්‍ෂයකට ආසන්න වීමත් සමඟ රට තුළ නත්තල් උත්සව අවලංගු කිරීමට එරට රජය තීරණය කර තිබෙනවා.

    අගමැති බොරිස් ජොන්සන් පවසන්නේ, නත්තල් උත්සව සමයේ කොරෝනා මර්දනයට දැඩි නීති-රීති පනවන බවයි. බ්‍රිතාන්‍යයේ කොරෝනා දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මේ දක්වා ඉහළම අගය ඊයේ වාර්තා කළා. එම පිරිස 91,743 දෙනෙක්. ඒ සමඟ එරට සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 16 කෝටි 14 ලක්‍ෂ 53,000 ඉක්මවා තිබෙනවා.

    කොරෝනා ආසාදිතයන් ඉහළ යාමත් සමඟ ට්‍රෙෆල් ගාඩ්, චතුරශ්‍රයේ සංවිධාන කෙරුණු නව වසර සැමරුම් උත්සවය අවලංගු කෙරුණා.
    බ්‍රිතාන්‍ය මහ රැජිණ ඇයගේ සාම්ප්‍රදායික නත්තල් චාරිකාව ද අවලංගු කර තිබෙනවා. ඒ, ඔමික්‍රෝන් වෛරස් ව්‍යාප්තිය හේතුවෙන්. පූර්ව නත්තල් දිවා භෝජන සංග්‍රහයට ද මෙවර සභභාගි නොවීමටයි, ඇය තීරණය කර ඇත්තේ.

    Latest News