පා‍රාවෝ මමියක් ඩිජිටල් අධ්‍යයනයට

දෙසැ 29, 2021

    ඊජිප්තුවේ පා‍රාවෝ මමියක් ප්‍රථමවරට ඩිජිටල් තාක්ෂණයෙන් අධ්‍යයනය කිරීමට විද්‍යාඥයන් ක්‍රියාකර තිබේ. මෙලෙස අධ්‍යයනය කර ඇත්තේ, අමේන්හොටෙප් රජුගේ මමිය බව විදෙස් වාර්තාවල සඳහන්.

    පළමුවැනි අමේන්හොටෙප් රජුගේ මමියේ එතුම් ඩිජිටල් ක්‍රමයට ඉවත් කිරීමට පරයේෂකයන් එක්ස්කිරණ තාක්ෂණයත්, පරිගනකගත ටොමෝග්‍රැෆි සහ පරිගනක මෘදුකාංහ භාවිත කළ බව වාර්තා වෙයි.

    කයිරෝ විශ්වවිද්‍යාලයේ විකිරණවේදය පිළිබඳ මහාචාර්ය සහර් සලීම් සහ පුරාවස්තු විකිරණ විද්‍යාව පිළිබඳ විශේෂඥයන් මීට දායක විය.

    පළමු වරට අමේන්හොටෙප් රජුගේ මුහුණ, වයස, සෞඛ්‍ය ඉපැරණි මමීකරණය සහ යළි භූමදානය ඇතුළු කරුණු රැසක් සම්බන්ධයෙන් මෙතෙක් අනාවරණය නොවූ තොරතුරු හෙළි කර ගැනීමට ඉන් අවස්ථාව සැලසී තිබේ.

    ඇතැම් විශ්ලේෂකයන් පවසන්නේ කැනීම් ඔස්සේ පර්යේෂණ සිදු කිරීමේ දී ඇතිවන හානිය අවමකර ගනිමින් අධ්‍යයන සිදු කිරීමට මෙම ඩිජිටල් ක්‍රමවේදයෙන් අවස්ථාව සැලසෙන බවයි.

    Last modified on බදාදා, 29 දෙසැම්බර් 2021 10:48

    Latest News