ඇෆ්ගනිස්තානයේ සෞඛ්‍ය සේවකයින් 8ක් ඝාතනය කෙරේ....

පෙබ 27, 2022

    ඇෆ්ගනිස්තානයේ පෝලියෝ ප්‍රතිශක්තිකරණ වැඩසටහන්වල යෙදුණු සෞඛ්‍ය සේවකයින් 8 දෙනෙකු ඊයේ දිනයේ දී ඝාතනය කර ඇතැයි, විදෙස් මාධ්‍ය පවසනවා.

    ප්‍රාන්ත දෙකක සිදුවූ වෙඩි තැබීමේ සිදුවීම් 4කදී මෙම ඝාතන සිදුවී ඇති බවයි වාර්තා වන්නේ. ඇෆ්ගනිස්තානය, තලේබාන් පාලනයට යටත්වීමෙන් පසු එරට සෞඛ්‍ය ක්‍ෂෙත්‍රයේ ඇති වූ බිඳ වැටීමත් සමඟ ලෝක සෞඛ්‍ය සංවිධානය හා යුනිසෙෆ් ආයතනය එක්ව මෙම පෝලියෝ එන්නත්කරණ ව්‍යාපාරය නොවැම්බර් මාසයේ දී ආරම්භ කර තිබෙනවා. රට තුළ ජීවත්වන මිලියන 3කට අධික ළමුන් පෝලියෝ රෝගයෙන් ආරක්‍ෂා කිරීම එහි අරමුණයි. එන්නත්කරණ වැඩපිළිවෙළ ආරම්භ කිරීමෙන් පසු සිදුවූ ප්‍රථම ප්‍රහාර මාලාව මෙය බවයි, වාර්තා වන්නේ.

    Latest News