කිව් අගනුවර අල්ලා ගැනීමට රුසියානු හමුදාව දරණ උත්සහය සාර්ථක වී නැහැ....

පෙබ 27, 2022

    යුක්‍රේන යුද්ධය 4 වැනි දිනයට එළඹෙද්දී එරට දෙවැනි ප්‍රධාන නගරය අද රුසියානු හමුදා අතට පත්වුණා.

    කෙසේ වෙතත්, කිව් අගනුවර අල්ලා ගැනීමට රුසියානු හමුදාව දරණ උත්සහය සාර්ථක වී නැහැ. රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පු‍ටින් විශේෂ ප්‍රකාශයක් කරමින් එරට කමාන්ඩෝ සහ විශේෂ බලකා සෙබලුන් යුක්‍රේනයේ සිදුකරන මෙහෙයුම් පිළිබඳ කෘතඥතාව පළ කළා.
    දැනට උතුරු, නැගෙනහිර සහ දකුණු යුක්‍රේන ප්‍රදේශ රැසක් අත්පත් කරගෙන ඇති රුසියානුවන්ගෙන් අරමුණ ප්‍රධාන ජනාකීර්ණ නගරවල සිය බලය තහවුරු කර ගැනීමයි. එහෙත් යුක්‍රේන පාර්ශවයෙන් එල්ලවන ප්‍රතිරෝදය හමුවේ රුසියානුවන්ගේ ඉදිරි ගමනේ වේගය අඩාල වී තිබෙනවා. රුසියානු භට කණ්ඩායම් කිව් අගනුවර උතුරු හා නැගෙනහිර ප්‍රදේශවලින් වටකර නගර මධ්‍යයට කිලෝමීටර් 09ක් තරම් ආසන්නයට පැමිණියේ ඉකුත් සිකුරාදා රාත්‍රියේ.
    එහෙත් මේ දක්වා ඔවුන්ට ඉතිරි දුර තරණය කර නගරය අත්පත් කරගැනීමට නොහැකි වී ඇත්තේ, සෑමවිදියක්ම හා ගොඩනැගිල්ක්ම අල්ලා ගැනීම සඳහා යුක්‍රේන භටයන් සමඟ දරුණු නාගරික සටහනක නිරතවීමට සිදුව ඇති නිසයි. මෙහිදී බර අවි පාවිච්චි කිරීමට කිසිදු පාර්ශවයකට හැකියාවක් නැහැ. රුසියානු හමුදාව යුක්‍රේනයේ දෙවැනි ප්‍රධාන නගරය වන කාර්කිව් හි මධ්‍යයට ළඟාවුවත්, එහි ඉතිරි යුක්‍රේන සෙබළුන් තැනින් තැන තවදුරටත් සටන් වඳිමින් සිටින බව, වාර්තා වනවා. රුසියානු ප්‍රහාරවලින් කිව් අගනුවර ආසන්නයේ ඛනිජ තෙල් ගබඩා සංකීර්ණය ගිනිගෙන විනාශ වුණා.

    Latest News