ඔස්ට්‍රෙිලියාවේ ජල ගැලීම් හේතුවෙන් 08ක් මරුට...

පෙබ 28, 2022

    ඔස්ට්‍රෙිලියාවට බලපා ඇති අධික වැසි සහ ජල ගැලීම් හේතුවෙන් 08 දෙනෙකු මියගොස් තිබෙනවා.

    2011 වසරෙන් පසු එරටට බලපෑ දරුණුතම ජලගැලීම් තත්වය මෙයයි. ඔස්ට්‍රෙිලියාවේ තෙවැනි වැඩිම ජනගහනයක් වෙසෙන බ්‍රිස්බන් නුවර පහත් බිම් ජලයෙන් යටවී තිබෙනවා. එම ජනතාව මුදා ගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක බවයි බලධාරින් පවසන්නේ.

    ඔස්ට්‍රෙිලියාවේ උතරු ගංඟා ප්‍රදේශ ආශ්‍රිතව ජීවත් වන ගොවීන්ගේ සම්පත්වලට හා නිෂ්පාදනවලට දැඩි හානි සිදුව තිබෙනවා. ඔස්ට්‍රෙිලියානු කාලගුණ දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ඉදිරි පැය 24 තුළ නිව්සවුත්වේල්ස් සහ ක්වින්ස්ලන්ඩ් ප්‍රාන්තවල වර්ෂාව සහ දැඩි සුළං තත්වය තවදුරටත් පැවතිය හැකි බවයි. බ්‍රිස්බන් නගරයේ ව්‍යාපාරික ස්ථාන රැසකට ද දැඩි අලාභයානි සිදුව තිබෙන බවයි වාර්තා වන්නේ.

    Latest News