'කියෙව් අගනුවර හොල්මන' යළි කරලියට

මාර් 01, 2022

    'ගෝස්ට් ඔෆ් කියෙව්' නමැති අනවර්ථ නාමයෙන් හැඳින්වෙන යුක්‍රේන ගුවන් නියමුවෙකු සම්බන්ධයෙන් යළිත් කතාබහට ලක්ව තිබේ.

    පසුගිය දිනවලදී එම ගුවන් නියමුවා හැඳින්වූයේ කියෙව් අගනුවර හොල්මන ලෙසයි. රුසියානු ගුවන් යානා 6ක් දිනක් තුළ බිම හෙළු බවට පැතිර යන ආරංචි කෙරෙහි බටහිර මාධ්‍යවල අවධානය යොමුවිය.

    ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ ඔහු විසින් රුසියානු ගුවන් යානා 10ක් බිම හෙලන ලද බවටයි. එහෙත් එම පුවතේ සත්‍යතාවය පිළිබඳව ගැටලු මතුව තිබේ. ඇතැමුන් පවසන්නේ යුක්‍රේන හමුදාවේ සහ ජනතාවගේ ධෛර්යය ඉහළ නැංවීමට මෙමගින් අපේක්ෂා කරන බවයි.

    මේ සම්බන්ධයෙන් පළවන බොහෝ වීඩියෝ පට එම සිද්ධියට අදාළ ඒවා නොවන බව ද පැවසෙයි.

    Last modified on අඟහරුවාදා, 01 මාර්තු 2022 16:50

    Latest News