චීනයේ පුනර්ජනනීය විදුලි නිෂ්පාදනයේ අඛණ්ඩ වර්ධනයක්....

අප්‍රේ 02, 2022

    චීනයේ සුළං හා සූර්ය විදුලි නිෂ්පාදනය මෙම වසරේ දී සමස්ත විදුලි නිෂ්පාදනයෙන් 12.2% ක් වනු ඇතැයි චීන ජාතික බලශක්ති දෙපාර්තමේන්තුව පවසයි.  

    චීනය තම බලශක්ති නිෂ්පාදන ක්‍රමවේද, අඩු කාබන් ක්‍රමවේද බවට පරිවර්තනය කිරීමේ කාර්යයේ අඛණ්ඩව නියැලී සිටී. එසේම එම ක්ෂේත්‍රය අධිගුණාත්මක භාවයෙන් යුතුව ඉදිරියට ගෙන යාම ඔවුන්ගේ අපේක්ෂාවයි.  2022 වසරේ බලශක්ති කටයුතු පිළිබඳ උපදේශන ලේඛනයට අනුව චීනයේ ගල් අඟුරු පරිභෝජන අනුපාතය ක්‍රමයෙන් අඩු කිරීමට පියවර ගැනිණ.

    එසේම, පොසිල නොවන බලශක්තිය සමස්ත බලශක්ති පරිභෝජනයෙන් 17.3%ක් දක්වා වර්ධනය කෙරෙනු ඇත. ඛනිජ තෙල් හා ගෑස් කර්මාන්ත ප්‍රදේශ, පතල් හා කර්මාන්ත පුරවල ඉඩම් හා ගොඩනැගිලි පියසි ප්‍ර‍යෝජනයට ගනිමින් සුළං විදුලි නිෂ්පාදනය හා සූර්ය විදුලි නිෂ්පාදනය සංවර්ධනය කිරීම චීන බලධාරීන්ගේ අපේක්ෂාවයි.  මිට අමතරව, ජල විදුලි හා න්‍යෂ්ටික විදුලි නිෂ්පාදන ව්‍යාපෘති ප්‍රවර්ධනය කරමින් නව බලශක්ති කර්මාන්ත සක්‍රිය ලෙස වර්ධනය කිරීමට ද නියමිතය.

    අරෝෂා සමරදිවාකර - රූපවාහිනී වාර්තාකරු - චීනයේ බෙයිජිං නුවර සිට

    Latest News