යුරෝපීය කොමිසමෙන් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක්

ජූනි 08, 2022
    යුරෝපීය කොමිසම විසින් ඇපල් සමාගමට විශේෂ දැනුම්දීමක් සිදුකර තිබේ. 
    ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන පරිදි එම දැනුම් දීමට අනුව යුරෝපයේ  විකුණන අයිෆෝන්ස්වල කනෙක්ටර් වෙනස් කළ යුතුය. ඒ අනුව 2024 වනවිට සියලුම වර්ගවල ජංගම දුරකථන, ටැබ්ලට් සහ කැමරා සඳහා එක හා සමාන "charging port" ඇති කළ යුතුය. 
     
    එක හා සමාන “Charging Port” නිර්මාණය කරන ලෙස යුරෝපීය සංගමය අදාළ සමාගම්වලට වසර 10ක පමණ කාලයක් විටින් විට දැනුම් දී තිබුණි
    අයිෆෝන් සහ ඇන්රොයිඩ් ෆෝන් භාවිත කරනු ලබන පාරිභෝගිකයින්ගෙන් දිගින් දිගටම ලැබුණු ඉල්ලීම් හේතුවෙන් යුරෝපීය කොමිසම මෙම දැනුම්දීම කිරීමට කටයුතු කර ඇති බව වාර්තා වෙයි

    Latest News