ඉන්දියාවේ සර්ව පාක්ෂික හමුවක් අද...

ජූලි 19, 2022

    ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදකාරී වාතාවරණය පිළිබඳ, සාකච්ඡා කිරීම සඳහා ඉන්දියාවේ සර්ව පාක්ෂික හමුවක් අද පස්වරුවේ පැවැත්වීමට නියමිත බව, විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

    එම හමුවේදී ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතා රාමන් සහ විදේශ කටයුතු අමාත්‍ය ජයිශංකර් ශ්‍රී ලංකාවේ තත්වය සම්බන්ධයෙන් එරට සියලුම දේශපාලන පක්ෂ නායකයන් දැනුවත් කිරීමට අපේක්ෂිතයි. තමිල්නාඩු ප්‍රාන්තය පදනම් කරගත් දේශපාලන පක්ෂ ශ්‍රී ලංකාවේ අර්බුදය සම්බන්ධයෙන් මැදිහත් වන ලෙස ඉන්දීය රජයෙන් කළ ඉල්ලීම සැලකිල්ලට ගනිමින් හමුව කැඳවා ඇති බවයි, වාර්තා වන්නේ. ඉන්දීය විදේශ ලේකම් මොහාන් විනේ ක්වාත්‍රා විසින් ශ්‍රී ලංකාවේ වාතාවරණය සහ ඒ වෙනුවෙන් ඉන්දියාව මෙතෙක් ලබා දී ඇති සහයෝගිතාව පිළිබඳව එහිදී කරුණු දැක්වීමට නියමිත බවද එරට මාධ්‍ය සඳහන් කරනවා.

    Latest News