ගැලවුමේ පිවිසුමෙන් දෙව්ලොවට පලා යෑම

නොවැ 02, 2023
    ගාසා තීරයේ යුද ගැටුම් හමුවේ රෆා පිවිසුම ඔස්සේ පලස්තීන වැසියන් 400 කට වැඩි පිරිසක් ඊජිප්තුවට පිටව ගොස් තිබෙනවා.

    ගැටුම් ආරම්භ වීමෙන් පසු මෙම පිවිසුම සිවිල් වැසියන්ට විවෘත කෙරුණු පළමු අවස්ථාව මෙයයි.

    රෆා පිවිසුම ඔස්සේ පිටව ගිය පිරිසට විදේශිය ගමන් බලපත්ර හිමියන් 335 දෙනෙකු ඇතුළත්.
     
    ඉන් වැඩි පිරිසක් බ්රිතාන්ය සහ අමෙරිකානු ජාතිකයන් වනවා. තුවාල ලැබූ පලස්තීනුවන් 76 දෙනෙකු රෆා පිවිසුමෙන් පිටතට පැමිණ ඇති බවයි, විදෙස් මාධ්ය වාර්තා කරන්නේ.
    අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්, රෆා පිවිසුම විවෘත කිරීම රාජතාන්ත්රික භාවයේ ප්රතිඵලයක් ලෙසයි, පෙන්වා දෙන්නේ.
     
    ගාසා තීරයේ දුරකථන සහ අන්තර්ජාල පහසුකම් කපා හැර ඇති බව, ගාසාහි දුරකථන සමාගම් පවසනවා.
     
    සෞදි ආරක්ෂක අමාත්ය කලීඩ් බින් සල්මාන් අමෙරිකානු රාජ්ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් අතර හමුවක් අමෙරිකාවේ වොෂින්ටන් නුවර දී ඊයේ සිදුව ඇති බව, වාර්තා වන්නේ.

    Latest News