මුදල් ඇමති අද නැගෙනහිර සංචාරයක

නොවැ 02, 2023
    මෙරටට පැමිණ සිටින ඉන්දීය මුදල් අමාත්ය නිර්මලා සීතාරාම් මහත්මිය අද (02) නැගෙනහිර පළාතේ සංචාරයක නිරත වනවා.

    ඒ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොන්ඩමන්ගේ ආරාධනයකට අනූවයි.

    ඇය අද උදෑසන ත්රිකුණාමලය කෝනේෂ්වරම් කෝවිලට ද පැමිණි බව වාර්තා වනවා.
     
    ඇය අද ඉන්දීය සම්භවයක් සහිත දෙමළ ජනතාව ශ්රී ලංකාවට පැමිණ වසර 200ක් සපිරීමේ උත්සවයේ ප්රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගී වීමට නියමිතයි.
     
    ඊට අමතරව අද දිනයේ ඉන්දු - ලංකා වාණිජ හා කර්මාන්ත මණ්ඩලය සහ ශ්රී ලංකා වාණිජ මණ්ඩලය එක්ව සංවිධානය කරන ශ්රී ලංකා ව්යාපාරික සමුළුවේ ප්රධාන දේශනය සිදුකිරීමට ද නියමිත බව ඉන්දීය විදේශ කටයුතු අමාත්යාංශය සඳහන් කරනවා.
     
    ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ අග්රාමාත්ය දිනේෂ් ගුණවර්ධන මහතා සමග ද නිර්මලා සීතාරාමන් මහත්මිය සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
     
    ඉන්දීය රජයේ ආධාර යටතේ මෙරට ආගමික ස්ථාන සඳහා සූර්ය කෝෂ ලබාදීමේ ව්යාපෘතියට අදාළ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීම ද අද දිනයේ සිදුකිරීමට නියමිත බව වාර්තා වනවා.

    Latest News