ගාසාහි සිරවී සිට පිටව යන්නන් අතර...ශ්‍රී ලාංකිකයින් 17 ක්

නොවැ 02, 2023

    ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින්ට රෆා පිවිසුම හරහා ඊජිප්තුවට ඇතුළුවීම සඳහා අවසර හිමිව ඇති බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි.

    ඒ අනුව ගාසා තීරයේ රැඳීසිටින ශ්‍රී ලාංකිකයින් 15 දෙනෙකු රෆා පිවිසුම හරහා අද (02) දහවල් ඊජිප්තුවට ළඟාවනු ඇති බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී සෙනරත් යාපා මහතා පැවසුවේය. 

    ශ්‍රී ලාංකික පවුල් 03කට අයත් පුද්ගලයින් 17 දෙනෙකුට ඒ සඳහා අවසර හිමි ව තිබුණ ද ඉන් දෙදෙනෙකු පලස්තීනයේ රැඳී සිටින බවට තොරතුරු ලැබී ඇති බව ද ඔහු සඳහන් කළේය.

    වීඩියෝව සඳහා පිවිසෙන්න

    Latest News