හමාස් කේන්ද්‍රස්ථානය ඊශ්‍රායලයින් වට කරයි

නොවැ 03, 2023
    ගාසා නගරය සම්පූර්ණයෙන් වට කළ බව ඊශ්රායල හමුදාව පවසනවා. ඊශ්රායල හමුදා ප්රකාශක ඩැනියල් හගාරේ කියා සිටින්නේ, ගාසා නගරය හමාස් ත්රස්තවාදීන්ගේ කේන්ද්රස්ථානය බවයි. සිය හමුදාව ගාසා නගරය වටකරමින් මෙහෙයුම් ඉදිරියට ක්රියාත්මක කරන බවද ඔහු සඳහන් කළා.

    ඊශ්රායල හමුදාව හමාස් සංවිධානයට අයත්, මූලස්ථාන සහ යටිතල පහසුකම්වලට තවදුරටත් ගොඩබිම් ප්රහාර එල්ල කරමින් සිටිනවා.

    ඊශ්රායල් ආරක්ෂක අංශ පවසන්නේ, මේ වන විට සිය සොල්දාදුවන් 19 දෙනෙකු මියගොස් ඇති බවයි. ප්රහාරවලින් ගාසා තීරයේ පාසල් 4 කට දැඩි අලාභ හානි සිදුව ඇති බව විදෙස් මාධ්ය වාර්තාවල සඳහන්.
     
    මෙම පාසල් පලස්තීන සිවිල් වැසියන් නවාතැන් ගෙන සිටින කඳවුරු ලෙස ක්රියාත්මක බව එක්සත් ජාතීන්ගේ ඒජන්සිය සඳහන් කරනවා.
    ප්රහාරවලින් පුද්ගලයින් 20 දෙනෙකු පමණ මියගොස් ඇති අතර, එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන්නේ, ගාසා තීරයේ ජනතාව මේ වන විට උග්ර ජල හිගයකට මුහුණපා සිටිනයි.

    Latest News