8ක් දිය යට සැඟ වෙයි

සැප් 16, 2024
    ප්රංශයේ සිට එංගලන්තය දක්වා යාත්රා කරමින් තිබූ සංක්රමණික පිරිසක් රැගත් බෝට්ටුවක් අනතුරට ලක් වීමෙන්, 8 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
    තවත් පිරිසක් අතුරුදන්ව ඇති බවයි, වාර්තා වන්නේ.
     
    ඊයේ රාත්රී අනතුර සිදුව තිබෙනවා. අතුරුදන් වූවන් සොයා ක්රියාත්මක මෙහෙයුම් දැඩි දුෂ්කර වී තිබෙනවා.
     
    බෝට්ටුවේ එරිත්රියාව, සුඩානය, සිරියාව සහ ඉරානය යන රටවලට අයත් 60 දෙනෙකු පමණ සිට ඇති බවයි, වෙරළාරක්ෂක අංශ පවසන්නේ.
     
    ඉකුත් සතියේ ප්රංශ චැනල් පිවිසුම හරහා යාත්රා කරමින් තිබූ සංක්රමණික බෝට්ටු අනතුරකින් ගැබිණි කාන්තාවක හා කුඩා දරුවන් 6 දෙනෙකු ඇතුළු 12 දෙනෙකු මිය ගියා.
     
    ඉන් සතියකට පසු එම පිවිසුමේ සිදු වූ අනතුරක් ලෙසයි, මෙය වාර්තා වන්නේ.

    Latest News