මියන්මාරය කඳුළු ගඟක් කළ යාගි

සැප් 16, 2024
    මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුවෙන් මිය ගිය පිරිස 100 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    ඉකුත් සතියේ හට ගත් යාගී සුළි කුණාටුව සමග ඇති වූ ගංවතුර හේතුවෙන් බොහෝ පිරිසක් අවතැන් වූ අතර, දේපළ රැසක් විනාශ වුණා.

    90 දෙනෙකු පමණ අතුරුදන් වී තිබෙනවා. මුදා ගැනීමේ මෙහෙයුම් තවදුරටත් ක්‍රියාත්මකයි.
    තුන්ලක්ෂ 20,000 ක පමණ පිරිසක් තාවකාලික ස්ථානවල රඳවා ඇතැයි, වාර්තා වනවා.
    ඔවුන්ට අවශ්‍ය ආහාර, ජලය, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය පහසුකම් ලබාදීමට බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
    උද්ගත වී ඇති ව්‍යසනකාරී තත්වයට මුහුණ දීම සඳහා මියන්මාර රජය තවදුරටත් විදේශ ආධාර ඉල්ලා සිටිනවා.

    Latest News