'යාගි" දිනෙන් දින මිනිස් ජීවිත ඩැහැ ගිනියි

සැප් 17, 2024
    මියන්මාරයට බලපෑ යාගී සුළි කුණාටුව නිසා ප්‍රදේශ රැසකට බලපා ඇති දරුණු ගංවතුර තත්වය හේතුවෙන්, මිය ගිය සංඛ්‍යාව 236 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

    තවත් 70 දෙනෙකු පමණ අතුරුදන්ව සිටින බවයි, වාර්තා වන්නේ.

    මිය ගිය සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බව, එරට එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලය පෙන්වා දෙනවා.
    ගංවතුර හේතුවෙන් හය ලක්ෂ 30,000 කට අධික සංඛ්‍යාවක් පීඩාවට පත්ව ඇති බවයි, වාර්තා වන්නේ.
    මියන්මාරයේ නෙපිඩෝ අගනුවරට සහ කායා, කෙයින්, ශාන් වැනි ප්‍රාන්තවලට ගංවතුර තත්වය දැඩි ලෙස බලපෑම් ඇති කර තිබෙනවා.
    ඉකුත් සතිය තුළ දකුණු චීනයට, වියට්නාමයට, ලාඕසයට සහ මියන්මාරයට ධාරණිපාත වර්ෂාවෙන් දැඩි බලපෑම් එල්ල වුණා.
    කලාපයට බලපෑම් එල්ල කර ඇති අධික වර්ෂාව සහ ගංවතුර තත්වය, තවදුරටත් පවතිනු ඇති බවයි, කාලගුණ විද්‍යා අංශ පෙන්වා දෙන්නේ.

    Latest News