ඊශ්‍රායලෙන් ලෙබනනයට පිට පිට පහර දෙයි

ඔක් 15, 2024
    ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් උතුරු ලෙබනනයේ 21 දෙනෙකු මියගොස් තිබෙනවා. 8 දෙනෙකු තුවාල ලබා ඇති බවයි ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ.

    ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය එල්ල කර ඇත්තේ, හිස්බුල්ලා සංවිධානයේ ඉලක්ක වෙතයි.

    ඊශ්‍රායල හමුදාව මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් මෙතෙක් කිසිවක් ප්‍රකාශ කර නැහැ.
    බීරූට් ඇතුළු ලෙබනනයේ සෑම ස්ථානයකම පිහිටි හිස්බුල්ලා ඉලක්ක වෙත අනුකම්පා විරහිතව නොකඩවා ප්‍රහාර එල්ල කරන බවට ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කිරීමත් සමග මෙම ප්‍රහාරය එල්ල වී තිබෙනවා.
    ඊශ්‍රායල අගමැතිවරයා මේ බව ප්‍රකාශ කර ඇත්තේ, උතුරු ඊශ්‍රායලයේ හමුදා කඳවුරක සංචාරය කළ අවස්ථාවේ.
    ඉරානයේ සහය ලබන හිස්බුල්ලා සංවිධානය පසුගිය ඉරිදා එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් ඊශ්‍රායල සෙබලුන් සිව් දෙනෙකු මියගිය අතර, තවත් බොහෝ පිරිසක් තුවාල ලැබුවා.
    එම ලෙබනන ඩ්‍රෝන් යානය, නවීන ගුවන් ආරක්ෂක පද්ධති මගහැර ගෝලානි බළකායේ පුහුණු මධ්‍යස්ථානයට පහර දුන්නේ කෙසේද යන්න ගැන විමර්ශනය කරන බව ඊශ්‍රයාල හමුදාව පවසනවා.

    Latest News