වැරදුණු ඉලක්කය

ඔක් 11, 2024
    ඊයේ සවස මධ්‍යම බීරූට් වෙත එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරවලින් පුද්ගලයන් 22 ක් මිය ගොස් ඇති බව ලෙබනන් සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.

    තවත් පුද්ගලයින් 117 ක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

    තහවුරු නොකළ වාර්තාවලින් පෙනී යන්නේ ඉහළ පෙළේ හිස්බුල්ලා නිලධාරියෙකු සහ ඝාතනයට ලක් වූ නායක හසන් නස්රල්ලාගේ මස්සිනා වන වෆීක් සෆා ඉලක්ක කරගෙන මෙම ප්‍රහාර එල්ල කර ඇති බවයි.
    මීට අමතරව, හිස්බුල්ලා සංවිධානය විසින් ඊශ්‍රායල සොල්දාදුවන්ට රොකට් ප්‍රහාර එල්ල කළ බවත්, නකෝරා ප්‍රදේශයේ ඊශ්‍රායල යුද ටැංකියකට සාර්ථක ප්‍රහාරයක් එල්ල කල බවත් හිස්බුල්ලා සංවිධානය පවසනවා.
    සැප්තැම්බර් 30 වැනිදා ආරම්භ වූ හිස්බුල්ලා සංවිධානයට එරෙහිව ගොඩබිම් මෙහෙයුම්වල මේ වන විට ඊශ්‍රායල සොල්දාදුවන්ගේ අංශ හතරක් ඔස්සේ සටන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
    Last modified on සිකුරාදා, 11 ඔක්තෝබර් 2024 11:02

    Latest News