මැඩේරා බස් අනතුරින් 29ක් මරුට

අප්‍රේ 18, 2019

    පෘතුගාලයට අයත් මැඩේරා දූපතේ දී බස් රථයක් අනතුරට ලක්වීමෙන් 29 දෙනෙක් මියගොස් තිබේ.

    තුවාල ලැබූ පිරිස 27ක්. බස්රථය මාර්ගයෙන් ඉවතට පැන පෙරලී යාමෙන් මෙම අනතුර සිදුව තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කළේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරලී ගොස් නිවසක් මතට පතිතවී තිබේ. බස් රථයේ ගමන් කර ඇත්තේ, ජර්මානු ජාතික සංචාරකයින් පිරිසක්. එම අවස්ථාවේ බස් රථයේ මගීන් 55 දෙනෙක් සිටි බවයි, වාර්තා වන්නේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 18 අප්‍රේල් 2019 08:50

    Latest News