තනිවෙන්න ගත් උත්සාහය අසාර්ථකයි

නොවැ 05, 2018

    ප්‍රංශයෙන් වෙන් වී ස්වාධීන රටක් ලෙස ස්ථාවර වීමට නව කැලිඩෝනියාව පැවැත්වූ ජනමත විචාරණය පරාජයට පත්වී තිබේ.

    එහි ජනතාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර ඇත්තේ, ප්‍රංශ යටත්විජිතයක් ලෙස කටයුතු කිරීමටයි. ඊයේ පැවති ජනමත විචාරණයේ දී 81%ක් තරම් පිරිසක් තම ඡන්දය ප්‍රකාශ කර තිබිණ. එහිදී 56.4%ක ප්‍රමාණයක් ප්‍රංශය යටතේ ජීවත්වීමට කැමැත්ත පළ කර තිබූ අතර, ප්‍රංශයෙන් ඉවත් විය යුතු බවට කැමැත්ත පළකළෙ 43.6%ක් පමණයි.

    මේ පිළිබඳ අදහස් දක්වමින් ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්‍රොන් සඳහන් කර තිබුණේ, ප්‍රංශ ජනරජය පිළිබඳව නව කැලිඩෝනියානු ජනතාව විශ්වාසය පළ කර ඇති බවයි. නව කැලිඩෝනියාව 1988 වසරේ ප්‍රංශයෙන් වෙන් වීම සඳහා දැඩි උත්සාහක් ගනු ලැබුව ද මේ වන විටත එරට ජනතාවගෙන් බහුතරයක් ප්‍රංශය යටතේ ජීවත්වීම සඳහා වැඩි කැමැත්තක් දක්වයි.

    Last modified on සදුදා, 05 නොවැම්බර් 2018 11:36

    Latest News