ජනගහනයෙන් ඉන්දියාව, චීනය අභිබවන ලකුණු

ජූනි 19, 2019

    2027 වසර වන විට ඉන්දියාව,චීනය අභිබවා ලොව වැඩිම ජනගහණය හිමි රට වනු ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි. එම සංවිධානය නිකුත් කළ ජනගහනය පිළිබඳ නවතම වාර්තාවේ දැක්වෙන්නේ වසර 2050 වන විට ලොව ජනගහණය බිලියන 9.7ක් වනු ඇති බවයි.

    2019 වසරේ ලෝක ජනගහණ ප්‍රවණතා යනුවෙන් මෙම වාර්තාව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණ. ඒ එක්සත් ජාතීන්ගේ ආර්ථික සංවර්ධනය හා සාමාජිය කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව මගින්. ඒ අනූව තවත් වසර 8කින් ඉන්දියාව ජනගහණය අතින් චීනය අභිබවා යනු ඇති.

    වර්තාමානයේ ලොව ජනගහණය වෙන බිලියන 7.7ක්. ඊට තවත් බිලියන 2ක් ජනතාවක් ඉදිරිය වසර 30 ඇතුළත එකතු වන බව මේ වසරේ සිට 2050 වසර දක්වා කාලය තුළ චීනයේ ජනගහණය මිලියන 31.4කින් අඩුවනු ඇති බවයි එම වාර්තාවේ සඳහන් වනනේ. ඒ අනූව, ඉන්දියාව ඇතුළු නයිජීරියාව, පකිස්තානය, කොංගෝව, ඉතියෝපියාව, ටැන්සානියාව, ඉන්දුනීසියාව, ඊජිප්තුව හා අමෙරිකාව යන රටවල් 9 ලොව ජනගහණයෙන් අඩක්ම අයත් වනු ඇති.

    Last modified on බදාදා, 19 ජූනි 2019 08:50

    Latest News