අන්තර්ජාලයේ බොරු පුවත් වැළැක්වීමට ජපාන රජයෙන් පියවර

නොවැ 19, 2019

    අන්තර්ජාලය ඔස්සේ ව්‍යාජ පුවත් ප්‍රචාරයවීම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න බව ජපාන රජය පවසයි.

    ජපානයේ ස්වභාවික විපත්වල දී ව්‍යාජ පුවත් ප්‍රචාරයවීමේ අවදානම් හේතුවෙන් මෙම පියවර ගෙන තිබේ.
    මෙම ව්‍යාජ පුවත් ප්‍රචාරණය වැළැක්වීම සඳහා ලොව ප්‍රමුඛතම සමාගම් සමග එක්වී කටයුතු කිරීමට සැලසුම් කර ඇතැයි, ජපාන රජය සඳහන් කරයි. ෆේස්බුක්,යාහු,ගූගල් වැනි සමාගම්වලට අමතරව තොරතුරුවල සත්‍යතාව පරීක්ෂා කරන පෞද්ගලික අංශයේ ආයතන ද මේ සඳහා යොදා ගන්නා බව ජපාන සන්නිවේදන අමාත්‍යාංශය විදෙස් මාධ්‍ය වෙත පවසා තිබේ.

    Last modified on අඟහරුවාදා, 19 නොවැම්බර් 2019 08:25

    Latest News