නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ නිවාස රැසක් ලැව් ගින්නට හසුවී විනාශ වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වේ. ලැවිගිනි නිවා දැමීම සදහා යොදවා ඇති ගිනි නිවන භටයින්ගේ සංඛ්‍යාව දෙදහසකට අධිකය. මෙම ලැව්ගිනි හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරයද දුමාරයකින් වැසී තිබේ. නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පැතිර යන ලැව්ගිනි හේතුවෙන් විනාශ වී ඇති බිම් ප්‍රමාණය හෙක්ටයාර මිලියන 1.6කට අධික ය.