මෙරට නිෂ්පාදිත ගිනිඅවියක් සමග සැකකරුට මාංචු

මාර් 19, 2020

    මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමග සැකකරුවෙකු පොතුවිල්, රොට්ටායි ප්‍රදේශයේ දී ඊයේ අත්අඩංගුවට ගැනිණ.

    ඒ නාවික හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී.

    ජීව පතුරමක්, හිස් පතුරම් 10ක්, වෙඩි බෙහෙත් ග්‍රෑම් 30ක්, යකඩ බෝල 12ක් හා දඩයම් කිරීමට යොදා ගන්නා තවත් උපකරණ කිහිපයක් සැකකරු සන්තකයේ තිබී සොයා ගැනිණ. ඔහු අවුරුදු 25ක් වයසැති පොතුවිල් ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. පොතුවිල් පොලීසිය මගින් විමර්ශන ක්‍රියාත්මකයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 19 මාර්තු 2020 12:21

    Latest News