නාමල්ගේ දුරකථනයේ මකා දැමූ හඩ පට එළියට

දෙසැ 19, 2018

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප්‍රභූ ඝාතනය කිරීම පිළිබඳ කුමන්ත්‍රණය සම්බන්ධව, පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙන නාමල් කුමාර යන අයගේ ජංගම දුරකථනය හොංකොං බලා රැගෙන ගිය නිලධාරීන් පසුගිය 14 වන දින නැවත ලංකාවට පැමිණ තිබේ.

    එහිදී අදාළ විශේෂඥවරුන් විසින් එම ජංගම දුරකථනයේ මකා දමා තිබූ හඩ පට ගණනාවක් සොයා ගෙන ඇත. එම හඩ පට ඇතුළත් කරන ලද දත්ත බහාලු (පෙන් ඩ්‍රයිව්) සහ එම විශේෂඥවරුන්ගේ වාර්තාව අද දින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් කොටුව ගරු මහේස්ත්‍රාත් අධිකරණයට බාර දී ඇත.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් ඔවුන් භාරයේ ඇති අදාළ හඩ පට හා අදාළ වාර්තාවේ පිටපත් ආශ්‍රයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී.

    Latest News