ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාව ඇත්තේ UNP යට පමණයි - රනිල් (වීඩියෝ)

ජූලි 11, 2020
  • ගෘහ ආර්ථිකය ශක්තිමත් කිරීමේ හැකියාව ඇත්තේ, තම පක්‍ෂයට බව, එක්සත් ජාතික පක්‍ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    කුඩා වෙළෙඳ ව්‍යාපාරිකයන් ශක්තිමත් කිරීම එක්සත් ජාතික පක්‍ෂයේ අරමුණ බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි. මෙවර එක්සත් ජාතික පක්‍ෂයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග කරන අපේක්‍ෂකයින්ගේ ජය තහවුරු කිරීම සඳහා නැගෙනහිර කොළඹ දී පැවති රැස්වීමක් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කියා සිටියේය.

    එහිදී අදහස් දැක්වූ රනිල් වික්‍රමසිංහ මහතා....

    “අගෝස්තු 05 වැනිදට අපිට ආණ්ඩුව දෙන්න ගෙදර ආර්ථිකය හදන එක අපි කරන්නම් කියලා මම කියන්න කැමතියි. ඉස්සර බඩු ඔක්කොම විකිණෙනවා ඉතිරි වෙන්නේ නැහැ මොකුත්. දැන් ඔක්කොම ඉතිරි වෙනවා. එක්සත් ජාතික පක්‍ෂ ආණ්ඩුවෙන් එහෙම වුණේ නැහැ“ යැයි රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මෙහිදී අදහස් පළ කළේය.

    Last modified on සෙනසුරාදා, 11 ජූලි 2020 20:31

    Latest News