ඔවුන් එම මධ්‍යස්ථානය තුළ රදවා ඇත්තේ එක් එක් කාන්තාවන්ට අදාළ වන ගැටළු විසදා නැවතත් අදාල සේවා ස්ථාන වෙත යොමු කිරීමට බව විදේස සේවා නියුක්ති කාර්යංශය නිවේදනයේ සඳහන්වේ. විද්‍යුත් හා වෙනත් සමාජ ජාලා තුළින් සෞදි අරාබියේ කාන්තා සුභසාධන මධ්‍යස්ථානයේ ශ්‍රි ලාංකික කාන්තාවන් 49 දෙනා සම්බන්ධයෙන් පළවූ වාර්තාව පිළිබදව පැහැදිලි කිරීමේ මාධ්‍ය සාකච්ඡාව මේ බව අනාවරණය කෙරිණ.
මෙම මධ්‍යස්ථානය සියළු පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ මධ්‍යස්ථාන වන අතර, එහි සිටින කාන්තාවන්ගේ සැප දුක් අවශ්‍යතා සොයාබැලීම සදහා රියාද්හි පිහිටි ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේ නිළධාරීන් නිතර එම මධ්‍යස්ථාන වෙත ගොස් කරුණු සොයා බලයි.
විදේස සේවා නියුක්ති කාර්යංශ නිවේදනය
මෙම මධ්‍යස්ථානයේ රැදී සිටින ශ්‍රි ලාංකික කාන්තාවන් පහත පරිදි වර්ගීකරණය කළ හැකිය.
01 |
ගැටළු නිරාකරණය කර අවසන් වී පිටත්වීමේ අවසරපත හා ගුවන් ටිකට්පත ලබාදෙන තෙක් රැදී සිටින පිරිස |
21 |
02 |
හාම්පුතා විසින් වැටුප් නොගෙවා හිග වැටුප් ලබාගැනීමට රැදී සිටින පිරිස |
14 |
03 |
මේ වන විට උසාවියේ නඩු පවතින සංඛ්‍යාව |
05 |
04 |
සෞදි පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන යොමු කළ සංඛ්‍යාව |
09 |
49 |
සෞදි රජයේ පවතින නීති රීති අනුව තානාපති කාර්යාලයේ රැකවරණයට පැමිණෙන කාන්තාවන්ගේ ගැටළු නිරාකරණය කර විසදුම් ලබාදීම සදහා මෙම මධ්‍යස්ථාන වෙත යොමුකිරීම අත්‍යාවශ්‍ය වේ. නමුත් තානාපති කාර්යාලයට පැමිණෙන කාන්තාවන් එම අවස්ථාවේදී නැවත ගෙන්වා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ වී ඇත්නම් සෘජුවම තානාපති කාර්යාලය හරහා ගෙන්වා ගැනීමට කටයුතු කරයි. කාන්තා සුභසාධන මධ්‍යස්ථානය වෙත කාන්තාවන් යොමු කරන්නේ මූලිකවම තානාපති කාර්යාලය හරහා මෙන්ම සෞදි පොලිසිය මගින් විවිධ හේතු මත අත්අඩංගුවට ගන්නා කාන්තාවන්ය. මෙහි වැදගත්ම කරුණ වන්නේ පොලිසිය මගින් යොමුකරන කාන්තාවන්ගෙන් 80% දෙනා විවිධ නීති විරෝධි කටයුතුවලට සම්බන්ධ කාන්තාවන් වීමය.
රියාද් නගරයේ පිහිටි මෙම මධ්‍යස්ථානයට අමතරව සෞදියේ දමාම්, ජෙඩා, සකාකා, කාහිල්, අරාල් වැනි ප්‍රධාන නගරවලද මෙවැනි මධ්‍යස්ථාන පවතින නමුත් ඒවායේ ඉතා සුළු ශ්‍රි ලාංකික කාන්තාවන් ප්‍රමාණයක් සිටින අතර මූලිකවම රියාද්හි පිහිටි මධ්‍යස්ථානයේ පමණක් ලාංකික කාන්තාවන් 49 දෙනෙකු සිටිති.
සෞදි රජය විසින් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානයේ දීර්ඝ කාලයක් රැදී සිටින කාන්තාවන්ගේ හිග වැටුප් හා ගුවන් ටිකට්පත් ලබාගැනීමට ඇති ගැටළු පිළිබදව සෞදි රජය මැදහත්වී ඔවුන්ගේ හිග වැටුප් හා ගුවන් ටිකට්පත් ලබාදී තම රටවලට යැවීමට කටයුතු කරයි. එසේ කාන්තාවන් පිටත් කර හැරීමට කටයුතු කිරීමේදී යම් යම් කාල සීමාවල ගුවන් ටිකට්පත් මිළට ගැනීමේදී ඇතිවන අපහසුතා හේතුවෙන් ඔවුන් පිටත්කර හැරීම ප්‍රමාදවීම ප්‍රායෝගික ගැටළුවක්ව ඇත. කෙසේ වුවද සෞදි රජය විසින් පවත්වාගෙන යන මෙම මධ්‍යස්ථානයෙන් කාන්තාවන් පිටත් කර හැරීමට කටයුතු කරන්නේ අවශ්‍ය සියළු නෛතික හා අනෙකුත් කටයුතු සියල්ල අදාළ ක්‍රමවේදයන්ට අනුව සම්පූර්ණ කිරීමෙන් පසුව වන අතර, එම මධ්‍යස්ථාන සියළු පහසුකම් වලින් සමන්විතව පවත්වාගෙන යන අතර ඒ බව වැඩිදුරටත් සදහන් කරමු.