අද සිට දුම්රිය ධාවනය සාමාන්‍ය පරිදි

දෙසැ 29, 2021

    අද දිනයේ සිට දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමය පවසයි.

    ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සමඟ ඊයේ පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් මත දුම්රිය ස්ථානාධිපතිවරුන් සිය වෘත්තිය ක්‍රියාමාර්ගය අවසන් කෙරිණ. ඒ අනුව අද දිනයේ සිට සිය රාජකාරි සාමාන්‍ය පරිදි සිදුකරන බවයි එම සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ.

    දින 05ක් පුරා පැවති දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ වෘත්තිය ක්‍රියාමාර්ගය හේතුවෙන් රුපියල් මිලියන 25 කට අධික පාඩුවක් සිදුවූ බවයි දුම්රිය පාලන අධිකාරිය සඳහන් කළේ.

    Latest News