අධිකරණ ඇමැති ගොනුකළ අපහාස නඩුව සමථයට පත් වෙයි

ජන 10, 2022

    සමාජ මාධ්‍ය ඔස්සේ සිදුකරන ලද ප්‍රකාශයකින් තමනට සිදුවූ අපහාසය වෙනුවෙන් සිංහලේ ජාතික සංවිධානයේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන්ගෙන් රුපියල් මිලියන 1500 ක් අය කර දෙන ලෙස ඉල්ලා අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා විසින් ඉදිරිපත් කළ අපහාස නඩුවක් අද කොළඹ දිසා අධිකරණය හමුවේ සමථයට පත් වුණා.

    තිබූ නඩුව ඊයේ කොළඹ දිසා විනිසුරු අරුණ අලුත්ගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබූ අවස්ථාවේදි මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියේ තම සේවාදායකයා මින්මතුවට සමාජ මාධ්‍ය ඔස්සේ පැමිණිලිකරුට අපහාසාත්මක වන කිසිදු ප්‍රකාශ සිදු නොකරන බවට ප්‍රතිඥාවක් ලබා දෙන බවයි.

    එම ප්‍රතිඥාව මත අදාළ නඩුව සමතයට පත් කිරීමට සූදානම් බව පැමිණිලිකාර අලි ෂබ්රි මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයට දන්වා සිටියා.

    ඒ අනුව අදාළ නඩුව සමතයට පත් කිරීමට දිසා විනිසුරුවරයා විසින් අවසර දුන්නා.

    2020 වසරේ මැඩිල්ලේ පඤ්ඤාලෝක හිමියන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරණ ප්‍රකාශයකින් තමන්ට සිදු වූ අපහසු වෙනුවෙන් රුපියල් මිලියන 1500 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලමින් අධිකරණ අමාත්‍ය අලි ෂබ්රි මහතා සිය නීතිඥවරුන් මාර්ගයෙන් මෙම අපහාස නඩුව ගොනුකර තිබුණා

    Latest News