සිංහල - දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින්, ජනාධිපතිවරයා මේ බව කියා සිටියා.
පසුගිය වසරේ සිංහල - දෙමළ අලුත් අවුරුද්ද එළඹෙද්දී, අප සැවොම මැදිව සිටියේ දැවැන්ත අර්බුදයකටයි. අවුරුදු සැමරීම පසෙකලා එදිනෙදා ජීවිතය පවත්වාගෙන යාමේ අරගලයකට අප මැදිව සිටියා. නමුත්, මේ අවුරුද්ද එළඹෙන්නේ, අප සැමටම කිසියම් සහනදායී පරිසරයක් උදා කරමින් බව, ජනාධිපතිවරයා පවසනවා. අප වෙහෙසිය යුත්තේ, එළඹෙන මීළඟ අලුත් අවුරුද්ද අදටත් වඩා භාග්‍යවත් සමෘද්ධිමත් කර ගැනීමටයි. එම ප්‍රාර්ථනාම මුදුන්පත් කර ගැනීමට හැකි වනූයේ, අප සියලුදෙනා එක මවකගෙ දරුවන් ලෙස, එක මඟක ඉදිරියට යාමෙන් පමණක් බව, ජනාධිපතිවරයාගේ අලුත් අවුරුදු පණිවුඩයේ සඳහන්.