1981 අංක 2 දරන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනතට අනුව අනුප්‍රාප්තික විධායක ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් එවකට වැඩබලන ජනාධිපති සහ අග්‍රාමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා තේරී පත් වුණා.
ඒ අනූව ජූලි 21 වැනි දා රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී දිව්රුම් දෙනු ලැබුවා.
අදාළ ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ මහතාට ඡන්ද 134ක් ලැබුණු අතර ජනපති ධුරය සඳහා තරග වැදුණු ඩලස් අලහප්පෙරුම මහතාට ඡන්ද 82ක් ද අනුර කුමාර දිසානායක මහතාට ඡන්ද 03ක් ද ලැබිණි.
ඒ අනුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ ජනාධිපති ධුරයේ ඉතිරි ධුර කාලය දැරීම සඳහා රනිල් වික්‍රමසිංහ මහතා සුදුසුකම් ලැබුවා.
රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයකු ලෙස 2021 වර්ෂයේ ජුනි මස 23 වැනි දින 09 වැනි පාර්ලිමේන්තුවට තේරී පත් වුණා.
2022 වසරේ මැයි 09 දා එවකට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වීමෙන් අගමැති ධුරය පුරප්පාඩු වූ අවස්ථාවේදී අග්‍රාමාත්‍ය ධුරය භාර ගැනීමට කිසිවකු ඉදිරිපත් නොවූ මොහොතක රනිල් වික්‍රමසිංහ මහතා එම අභියෝගය භාර ගනිමින් එවකට රටේ ඇතිව තිබූ සියලු අර්බුදවලට විසඳුම් සොයමින්, ශ්‍රී ලාංකේය ජනතාවට සේවය කිරීමට ප්‍රතිඥා දෙමින් මැයි 12 දා අගමැති ධුරයේ වගකීම භාර ගත්තා.
එම වසරේ ජූලි 14 දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ධුරයෙන් ඉල්ලා අස් වූ අතර අගමැති ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජූලි 15 දා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන්නා.
ඉන් අනතුරුව ජනාධිපති ධුරය සඳහා පාර්ලිමේන්තුවේ පැවති ඡන්දයෙන් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධුරයට තේරී පත් වුණා.
ඒ අවස්ථාවේ දී, පැවති ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගෙන යන වැඩපිළිවෙළට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර සංවිධාන සහ රටවලින් සහයෝගය පළ වී තිබෙනවා.
මේ අතර, දෙදින නිල සංචාරයක් සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (20) ඉන්දියාව බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදී මහතාගේ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වන බව වාර්තා වනවා.
ඉන්දීය රජය හා මෙරට අතර ණය ප්‍රතිව්‍යුහගතකරණය සම්බන්ධයෙන් මෙහිදී විශේෂ සාකච්ඡාවට කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබෙනවා.
එහිදි ජනාධිපතිවරයා, ඉන්දීය අග්‍රාමාත්‍යවරයා සහ අනෙකුත් ප්‍රභූවරුන් හමුවී මෙරට පැවති ආර්ථික හා දේශපාලනික අර්බුදයන්හිදී ලබාදුන් සහාය සම්බන්ධයෙන් හා එවැනි සැපයුම් දීර්ඝ කාලීනව ඉදිරියට ගෙනයෑමේ නව සාකච්ඡා ආරම්භ කිරීමට අවධානය යොමුකරනු තිබෙනවා.
එමෙන්ම දෙරට අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට ද අත්සන් කිරීමට නියමිත බව වාර්තා වනවා.