ඊෂිකෑෂ් මගින් කප්පම් ගත් සැකකරුවන්ට මාංචු

ජූනි 25, 2019

    සාමාන්‍ය ජනතාවගේ ගෘහස්ථ අංකවලට ඇමතුම් ලබාදී ඔවුන් බිය වද්දා, ලබාගත් කප්පම් මුදල් බැංකු ගිණුම්වලට හා ඊෂි කෑෂ් මගින් ලබාගැනීම සම්බන්ධව පුද්ගලයන් දෙදෙනකු ඊයේ සවස අත්අඩංගුවට ගැනුණා.

    මේ පිළිබඳව දීර්ඝ විමර්ශන පැවැත්වූ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබේ. පොලිස්පිතිගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන සැකකරුවන් දෙදෙනා අද කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කෙරේ.

     

     

    Last modified on අඟහරුවාදා, 25 ජූනි 2019 09:04

    Latest News