රථයේ සිටි සැකකරුවන් දෙදෙනෙකු පළාගොස් තිබේ. කටුවන පොලීසියට ගවයෙකු සොරකම් කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරක් මත ඒ පිළිබඳ පරීක්ෂා කිරීමට ඊයේ රාත්රී 9.00ට පමණ හොරේවෙල හන්දිය ආසන්න මාර්ගයේ පොලිස් නිලධාරීන් සේවයේ යෙදී සිටියේය. එහිදී පැමිණි වැගන් ආර් රථයක් නැවැත්වීමට සංඥා කළත්, ඔවුන් රිය නොනවතා ඉදිරියට ගමන් කළේය.
එහිදී රෝදයකට වෙඩි තබා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරුගෙන් ප්රශ්න කිරීමේ දී සොරකම් කරන ලද ගවයා මාතර ප්රදේශයට ප්රවාහනය කර නැවතත් එමින් සිටියදීයි මෙම සිද්ධියට මුහුණ පෑවේ. පළාගිය සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට කටුවන පොලීසිය විමර්ශන සිදු කරයි. අත්අඩංගුවට ගත් සැකකරු අද දින වලස්මුල්ල මහේස්ත්රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.