එම වතුයායේ ක්ෂේත්ර නිලධාරියෙකුගේ නිල නිවස අසළ ඇළ මාර්ගයෙයි මෙම සැකකරුවන් මැණික් ඉල්ලම් ගොඩ දමමින් සිටින බවට ලද තොරතුරක් මත නොර්වුඩ් පොලිසියේ නිලධාරින් විසින් වැටලිම සිදු කළේය.
ඇළ මාර්ගයේ පතුලේ ඉල්ලම් ගොඩගැනිම සදහා විශේෂයෙන් සකස් කරන ලද උදැල්ලක් ඇතුළු උපකරණ කිහිපයක්ද පොලිස් භාරයට ගෙන තිබේ. සැකකරුවන් බලංගොඩ ප්රදේශයේ පදිංචිකරුවන් වෙයි. ඔවුන් හැටන් මහෙස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.